තැපැල් ඡන්දය අද ඇරඹේ - රාජංගණයේ ඡන්දය කල් යයි

ජූලි 13, 2020

    මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ඇරඹේ. ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්ය මණ්ඩල සඳහායි.

    දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකරන බවයි, මැතිවරණ කොමිසම සඳහන් කළේ.

    රාජාංගණය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමග අනුරාධපුර - රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ අද දිනයේ තැපැල් ඡන්දය නොපැවැත්වීමටයි, තීරණය කර ඇත්තේ.

    Latest News