ඉදිරි දින 3ක් SLPP සියලු ප්‍රචාරක රැලි අත්හිටුවීමට තීරණයක් (වීඩියෝ)

ජූලි 12, 2020
  • ලබන 13, 14, 15 තෙදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සංවිධාන කරන සියලු ප්‍රචාරක රැලි අත්හිටුවීමට තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහභාගිවීමට නියමිතව තිබූ සියලු ප්‍රචාරක රැලි ඒ අනුව, අත්හිටුවීමට නියමිතයි.

    මේ සඳහා උපදෙස් ලබාදී ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතායි. මීට අමතරව මෙවර මැතිවරණය සඳහා තරග කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්‍ෂකයින් සංවිධාන කරන සියලු හමුවීම් සහ කුඩා රැස්වීම් සියල්ල ද සීමා කරන්නැයි, බැසිල් රාජපක්‍ෂ මහතා අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටී. යම් හෙයකින් කුඩා රැස්වීම් සහ හමුවීම් පවත්වන්නේ නම්, ඒවා සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදවලට යටත්ව සංවිධාන කරන ලෙස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනයේ සඳහන්. ප්‍රචාරක රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු පිළිබඳව ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 12 ජූලි 2020 19:06

    Latest News