පාතාලය සහ මත්කුඩු මර්දනය කර රට රැකීමට එක්වන්න - අගමැති

ජූලි 12, 2020

    පාතාලය සහ මත්කුඩු ජාවාරම මර්දනය කිරීමේ රට රැක ගැනීමේ ක්‍රියාදාමයට එක්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ඇතැම් පොලිස් නිලධාරීන් නිසා පොලිස් දෙපාර්තමේන්තුවට ඇති වූ කළු පැල්ලම් ඉවත් කර ගැනීමට පොලීසිය ගෙන යන දැඩි ක්‍රියා මාර්ගය සමාජයට විශාල ධෛර්යයක් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

    අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අකුරැස්ස ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

    මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ හක්මන ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා ගොඩනැගිලි පරිශ්‍රයේ ජන හමුවක් පැවැත්විණ.

    තවත් ජන හමුවක් ඊයේ පැවැත්වුණේ මාතර මාකඳුර ප්‍රදේශයේදී. එහිදී එක්සත් ජාතික පක්‍ෂ යේ අකුරැස්ස ආසන සංවිධායක ඒ. ප්‍රියන්ත, හක්මන විවිධ සේවා සමූපකාර සමිතියේ හිටපු සභාපති හේවාවලිමුලිගේ ප්‍රේමරත්න සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රනීත් ප්‍රේමතිලක යන මහත්වරුන් අග්‍රාමාත්‍යවරයා අතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය.

    Latest News