කන්දකාඩු මධ්‍යස්ථානයෙන් කොවිඩ් රෝගීන් 196ක්

ජූලි 10, 2020

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්‌ පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයෙන්‌ තවත්‌ කොවිඩ්‌ - 19 රෝගීන්‌ 196 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, රජයේ ප්‍රවෘන්ති දෙපාර්තමේන්තුව නිකුත්‌ කළ නිවේදනයක සඳහන්‌.

    එම මධ්‍යස්ථානයේ, රැඳවියන්‌ සහ කාර්ය මණ්ඩලයේ 338 දෙනෙකුගේ පීසීආර්‌ පරීක්ෂණවලින්‌ පසු මේ බව තහවුරු වී තිබෙනවා. මේ අනුව, කන්දකාඩු පුනරුන්ථාපන මධ්‍යස්ථානයෙන්‌ හඳුනා ගැනුණු සමස්ත කොවිඩි 19 රෝගීන්‌ සංඛ්‍යාව 252 ක්‌ දක්වා ඉහළ ගොස්‌ තිබෙනවා.

    ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත ගණන 2350 ක් ලෙස වාර්තාවේ. එමෙන්ම මේවන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 ආසාදනය වී සුව වූ ගණන 1979ක් වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවිය සඳහන් කරයි.

    තවද ආසාදිතයින් 360ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 45 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති. මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.

    Last modified on සිකුරාදා, 10 ජූලි 2020 11:07

    Latest News