ඌව, නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත්, තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.