විදේශ රැකියා ක්ෂේත්‍රය නැංවීමේ සැලසුම් සම්පාදනයට කමිටුවක්

ජූලි 03, 2020

    විදේශ රැකියා ක්ෂේත්‍රයේ සංවර්ධනය හා ආදායම ඉහළ නැංවීමට තුන් අවුරුදු සැලැස්මක් සම්පාදනය කිරීමට විශේෂ කමිටුවක් පත්කර තිබේ.

    සාමාජිකයින් 6ක් ඊට ඇතුළත්. ශ්‍රී ලංකා ආර්ථිකයේ අඛණ්ඩ පැවැත්ම සඳහා විශාලතම දායකත්වයක් ලබා දෙන විදේශ රැකියා ක්ෂේත්‍රයේ ඉදිරි වසර 3ක කාලය තුළ සාධනීය හා ඉලක්ක ගත සංවර්ධනයක් කරා ගෙන යාම මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණයි.

    ඒ අනූව, ක්ෂේත්‍රය හා සම්බන්ධ විදේශ රැකියා නියෝජිතයින්,විදේශ රැකියාලාභීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළුව සෘජු හා වක්‍රව ඊට සම්බන්ධ සියලු පාර්ශවයන්හි ආර්ථිකය හා සමාජ සංවර්ධනය පිණිස නව සැලැස්මක් සකස් කෙරේ.

    ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන අදහස් ද විමසීමටයි, පියවර ගෙන ඇත්තේ.  ඒ වෙනුවෙන්, විද්වත් වෘත්තිකයින්, මධ්‍යවේදීන්,විගමණික ප්‍රජාව,පර්යේෂකයින් ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් ලබන 15 වැනිදා තෙක් අදහස් හා යෝජනා ලබා ගැනේ.

    තම අදහස් හා යෝජනා විද්‍යුත් ලිපිනයට හෝ 0112-864-141 ෆැක්ස් අංකයෙන් ඉදිරිපත් කළ හැකියි. අදහස් හා යෝජනා තැපැල් මගින් යොමු කරන්නේ නම්, කමිටු සභාපති Dressh, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය,කොස්වත්ත,බත්තරමුල්ල ලිපිනයට ලැබීමට සලස්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

    Latest News