ජින්තුපිටියේ ආසාදිතයාගෙන් සමාජයට ව්‍යාප්තවීමක් නෑ..

ජූලි 03, 2020

    නිවාස නිරෝධායනයට ලක් කරමින් සිටියේ දී කොවිඩ් 19 ආසාදිතයෙක් ලෙස ඊයේ (02) කොළඹ 13,ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගියා මේ වන විට රෝහල්ගත කර තිබේ.

    එසේම, එම රෝගියාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් 154 දෙනෙකුට ආසන්න පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කර නිරෝධායනයට යොමු කර සිටිති.

    ඒ අනූව, මෙම රෝගියාගෙන් කොවිඩ් 19 රෝගය සමාජයට ව්‍යාප්ත වීමේ අවධානමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය.

    Latest News