ඉන්දියාවේ මරණ 18,000 ඉක්මවයි

ජූලි 03, 2020

    අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ විසිහත් දහසකට අධික වන අතර, මරණ සංඛ්‍යාව 18,000 ඉක්මවා ගිහින්.

    මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂයකට වැඩියෙන් වාර්තා වන රටවල් සංඛ්‍යාව 20ක්. මරණ සංඛ්‍යාව විසි පන් දහස ඉක්මවූ රටවල් ගණන 7ක් වන අතර, මරණ සංඛ්‍යාව දහසකට අධික රටවල් සංඛ්‍යාව 37ක්.

    සියලුම කොරෝනා රෝගීන් සුවය ලැබූ රටවල් 24ක් වාර්තා වෙයි. නෞකා දෙකක් ද ඇතුළුව ලොව රටවල් සහ පාලන ප්‍රදේශ 215කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබේ. කොරෝනා කිසිඳු මරණයක් වාර්තා නොවූ රටවල් සංඛ්‍යාව 30ක්.

    Last modified on සිකුරාදා, 03 ජූලි 2020 11:10

    Latest News