පාතාලයට තිත තියන්න පොලිස්පතිගෙන් මෙහෙයුමක් (විඩියෝ)

ජන 01, 2019
  • නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා දීප ව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

    මෙම මෙහෙයුම අඛණ්ඩව ඉදිරි මාස 3 තුල ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබේ. නීති විරෝධී ගිනි අවි භාවිතය තුළින් පාතාල කණ්ඩායම් දිවයිනපුරා ක්‍රියාත්මක කරන අපරාධ මැඩලීම සඳහා මෙම වැඩපිළිවෙළ සැලසුම්කර ඇත.

    2018 වසරේ ද නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් රට පුරා ක්‍රියාත්ම කෙරිණ. නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම තුළින් පාතාලය හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් ද පාලනය කිරීමට හැකිවන බව, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද කියා සිටියේය. මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා වෙනමම ඒකකයක් පිහිටුවීමට ද සැලසුම්කර ඇති බව, නව වසර උදාව වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ උත්සවයක දී ඔහු කියා සිටියේය. ඊට මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ක්‍රියාත්මක ජනාධිපති කාර්ය සාධක බලකාය හා සමීපව කටයුතු කිරීමට ද බලාපොරොත්තු වන බව, පූජිත් ජයසුන්දර මහතා අවධාරණය කළේය.

    රථවාහන අනතුරු අවම කිරීම සඳහා විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇත.

     

    Last modified on බදාදා, 02 ජනවාරි 2019 11:01

    Latest News