ශ්‍රීලනිප 25ක් එජාපයට

දෙසැ 31, 2018

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් 25 ක් එක්සත් ජාතික පෙරමුණ සමග එක්වන බව, ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ පයාගල, කජුදූව මාර්ගය රුපියල් මිලියන 6.5 ක් වැය කරමින් කාපට් කිරීම සහ පයාගල ගල්ලනමුල්ල, පොල්වත්ත මාර්ගය රුපියල් මිලියන 08 ක මුදලකින් කාපට් කිරීමේ උත්සවයට එක්වෙමින්.

    මෙහි දී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -

    අපේ මන්ත්‍රීවරුන් 07 ක් ස්වාධීන වන බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ව්‍යවස්ථාවේ තිබෙන්නේ අමාත්‍යධූර 30 ක් පමණයි. අග්‍රාමාත්‍යවරයාට ව්‍යවස්ථාව කඩන්න බැහැ. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කළත් අග්‍රාමාත්‍යවරයා එහෙම කරන්නේ නැහැ. අග්‍රාමාත්‍යවරයා හොදට ඉගෙන ගත් කෙනෙක්. ලංකාවේ විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබාගත් පුද්ගලයෙක්. එයා ව්‍යවස්ථාව කඩන්නේ නැහැ. අපට ඇමැතිකමක් ලබාදෙනවා ද, නැද්ද කියන එක ජනතාවට වැඩක් නැහැ. අමාත්‍යධූර නොලැබුනා කියලා මාධ්‍යයට කියලා වැඩකුත් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක දී ඒ පිළිබද අදහස් පළ කළ යුතුයි. දේශපාලනය කරන කොට පක්ෂ වලට ගැති වෙලා බැහැ.

    රට නැති වුනත් ඇතැම් අය පක්ෂ හදන්න යනවා. රට හැදිය යුතුයි. ඉදිරියේ දී ඉදිරිපත් කරන අයවැය මගින් විශාල සහනාධාර ජනතාවට ලබාදෙනවා. බලාපොරොත්තුවක් ඇති කරනවා. අපි ජනතාව ආරක්ෂා කරනවා. පොදුජන පෙරමුණේ අයත් පසුගිය කාලයේ එම පක්ෂයටම බැන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 25 ඉදිරියේ දී අපිත් සමග එකතු වෙනවා. ඔවුන් ඉදිරි දිනයක දී මාධ්‍ය හමුවක් පවත්වනවා. හිටපු ජනාධිපතිවරයා ඊනියා රජයක් පිහිටුවමින් අග්‍රාමාත්‍යධූරය ලබාගත්තේ තඩුහබ වලින් බේරීමටයි. ජනතාව හිතනවා රට නිදහස් කර ගත් දේශප්‍රේමියා වැරදි වැඩ කරන්නේ නැහැ කියලා.

    Latest News