පුත්තලම නගර සභාවේ ගබඩාවක් ගිනිගනී

දෙසැ 31, 2018

    පුත්තලම නගර සභාවේ නඩත්තු අංශයේ ගබඩාවේ ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශවී තිබේ.

    අද පෙරවරු 10.00 පමණ මෙම ගින්න ඇවිලී ඇති අතර මෙම ගබඩාවේ තෙල් හා තවත් දැ ගඩබඩා කර ඇති අතර ගින්නෙන් එහි තිබූ සියල්ල ගිනි ගෙන විනාශ වී ඇත. නගර සභා සේවකයින්, පුත්තලම පොලිසයේ නිළධාරින්, පුත්තලම තම්භපණ්නී නාවික හමුදා ගිනි නිවන අංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුධ හමුදාව එක්ව ගින් නිවා දැමුවේව.

    පුත්තලම නගර සභාවේ මාසික රැස්වීමද අද දින පැවති අතර සභා රැස්වීමට පැමිණ සිටි නාගරික මන්ත්‍රීවරැන් රැසක්ද මෙම අවස්ථාවට පැමිණි ගින්න නිවා දැමීමට සහයෝගය ලබා දුන්නේය. මේ පිළිබදව පිළිබදව පුත්තලම නගර සභාවේ නගරාධිපති කේ.ඒ .බායිස් මහතාගෙන් කල විමසීමකදී ඒ මහතා සදහන් කලේ මෙම ගබඩාව විදුලි කාන්දුවකින් ගිනි ගන්නට ඇතැයි සැක කරන අතර ඇතිවී ඇති බවයි.

    Last modified on සදුදා, 31 දෙසැම්බර් 2018 14:08

    Latest News