බස්නාහිර පළාතේ වැටලීම්වලින් 384ක් අත්අඩංගුවට

ජූනි 25, 2020

    පොලිසිය බස්නාහිර පළාත තුළ ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා සිදුකළ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය හා අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 384ක් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලසීමාවේ සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව ද 384ක්.

    හෙරොයින් ජාවාරම් හා සම්බන්ධ වැටලීම් 164ක් සිදු කෙරුණු අතර එහිදී සැකකරුවන් 164ක් අත්අඩංගුවට ගනු ලැබීය. කංසා ජාවාරම් සම්බන්ධයෙන් 77ක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 121 දෙනෙක්. ගෝඩා හා අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 6ක් ද වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් 16 දෙනෙක් අත්අඩංගුවට ගත් පිරිස අතර වෙයි.

    හෙරොයින් සහ ගංජා ජාවාරම් සම්බන්ධ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ, දිවුලපිටිය,කොළඹ,මරදාන,අගුලාන,පාදුක්ක,පානදුර,ගම්පහ යන ප්‍රදේශවලදී.

    Latest News