කුරුණෑගල, වැවරවුමේ 2.1kmක්‌ සංවර්ධනය කෙරේ

ජූනි 24, 2020

    කුරුණෑගල, වැවරවුම සංවර්ධන ව්‍යාපෘතියෙන්‌ තමන්ට ප්‍රතිලාභ රැසක්‌ හිමිවන බව, ප්‍රදේශවාසීන්‌ පවසනවා.

    ජනතාවගේ නීරෝගී පැවැත්මට සහ විවේකීව ගත කිරීමට මෙන්ම නගරයේ අලංකාරයට ද මෙය ඉවහල්‌ වී ඇති බවයි, වාර්තා වන්නේ.

    මෙම ව්‍යාපෘතියේ පළමු සහ දෙවැනි අදියර යටතේ වැවරවුමේ කිලෝමීටර 2.1ක්‌ සංවර්ධනය කෙරුණා. තුන්වැනි අදියර යටතේ‌ මීටර 850ක්‌ සංවර්ධනය කිරීමට නියමිතයි. ඇවිදින මංතීරුවක්‌, පාපැදි ධාවන නීරුවක්‌, ව්‍යායාම්‌ මධ්‍යස්ථානයක්‌, විවේකාගාරයක්‌ ඇතුළු අංග කිහිපයක්‌ ඊට ඇතුලත්‌. සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ, 2014දී. එචක ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්‌ වත්මන්‌ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස්‌ පරදියි. එය අධීක්ෂණය කළේ, නාගරික සංවර්ධන අධිකාරියයි.

    ශ්‍රමදායකත්වය, ශ්‍රී ලංකා යුද හමුදාවෙනි. සූර්ශයය බල පද්ධතියකින්‌ යුත්‌ කුරුණෑගල, වැවරවුම රාතී 10.00 තෙක් විවෘතව තැබෙනවා. ඊට වැය කෙරුණ මුදල රුපියල්‌ මිලියන 246ක්‌.

    Latest News