ඊයේ නව ආසාදිතයින් 969ක්..කුරුණැගලින් 251ක්

අප්‍රේ 24, 2021

    ඊයේ දිනයේ දී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 969 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    එම ආසාදිතයින්ගෙන් 251 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 69 දෙනෙක්, පන්නල 39ක්, කුරුණෑගල 32ක්, නිකදළුපොත 33, පොල්පිතිගම 22ක්. අඹන්පොළ 14ක් සහ නිකවැරටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 11ක් වාර්තා වී ඇත.

    කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 194 දෙනෙකු වාර්තා වී ඇත. ඉන් ආසාදිතයින් 78 දෙනෙකු පිළියන්දල ප්‍රදේශයෙන් ද, පන්නිපිටියෙන් ආසාදිතයින් 20ක්, මුල්ලේරියාව ආසාදිතයින් 14ක්, පාදුක්ක 12ක් සහ ගල්කිස්ස ප්‍රදේශයෙන් ආසාදිතයින් 11ක් වාර්තා වී ඇත.

    මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 236 දෙනෙකු වාර්තා වී තිබේ. දිවුලපිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 41ක්, මැල්ලවගෙදර 35ක්, අත්තනගල්ල 27ක්, වත්තල 26ක්, ජා-ඇල 20ක් සහ මිනුවන්ගොඩ 17ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

    මිට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 48ක්, මහනුවර 11ක්, ගාල්ල 36ක්, යාපනය 09ක්, කෑගල්ල 03ක්, පුත්තලම 07ක්, අනුරාධපුර 23ක්, ත්‍රිකුණාමලය 08, මොණරාගල 10ක්, මාතර 26ක්, හම්බන්තොට 28ක්, පොලොන්නරුව 03ක්, මාතලේ 21ක්, අම්පාර 02ක්, මඩකලපුව 01ක්, වව්නියාව 12ක් සහ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 38ක් ඊයේ දිනයේදී වාර්තා වී තිබේ.

    Latest News