වැලිසර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12 ක ජල කප්පාදුවක්

ජූනි 24, 2020

    ජල නල පද්ධතියක වැඩි දියුණු කිරීමක් හේතුවෙන් වැලිසර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (25) දින ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

    වැලිසර, මහබාගේ, මාබෝල, කඳාන - නාගොඩ, කෙරවලපිටිය, මාටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්ඕවිට ධීවර වරාය ප්‍රදේශවලට මෙලෙස අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

    ඊට අමතරව බෝපිටිය, පමුණුගම සහ උස්වැටකෙයියාව ප්‍රදේශවලටත් ද ජලය සැපයීම අත්හිටුවනු ලැබේ.

    Latest News