කොළඹ බස් මංතීරු නීතියේ 2වැනි අදියර සඳුදා සිට

ජූනි 20, 2020

    ලබන සඳුදා (22) පෙරවරු 6.00 සිට කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ 2වැනි අදියර ආරම්භ කෙරෙන බව පොලිසිය පවසයි.

    බොරැල්ල හංදියේ සිට කොළඹ කොටුව දක්වා එය ක්‍රියාත්මක වනු ඇත.

    පුද්ගලික බස් රථ, ලංගම බස් රථ, ආසන 20ට වැඩි කාර්යාල ප්‍රවාහන සේවා බස් රථ හා පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන පොදු ප්‍රවාහන බස් රථ හා වෑන් රථ පමණක් බස් ප්‍රමුඛතා මංතීරුව තුළින් ගමන් කල යුතුයි.

    Last modified on සෙනසුරාදා, 20 ජූනි 2020 10:48

    Latest News