විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්

ජූනි 19, 2020

    වේලාවක් වෙන්කරවා ගැනීමෙන් තොරව හෝ පෙර දැනුම් දීමකින් තොරව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව විශ්‍රාමිකයන්ට දැනුම් දෙයි.

    ඒ නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව සේවා කටයුතු සිදු කිරීමට සහය දැක්වීම සඳහායි. ක්‍රමාණුකූලව රට යථා තත්වයට පත්වීමත් සමග සේවා කටයුතු සිදු කිරීමට සහය දැක්වීම සඳහායි. ක්‍රමාණුකූලව රට යථා තත්වයට පත්වීමත් සමග සේවා සපුරා ගැනීම සඳහා විශ්‍රාමික ජනතාව විශාල වශයෙන් පැමිණෙන බවයි, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසන්නේ. නමුත් නිරෝධායන නීතිවලට අනුකුලව සේවා කටයුතු සිදු කිරීමේදී පැමිණෙන ජනතාව සීමා කිරිමට සිදුව තිබේ.

    යම් විශ්‍රාමිකයෙකුට ගැටලුවක් ඇත්නම් 1970 දුරකථන අංකය ඇමතීමෙන් ඒ සඳහා විසඳුම් ලබාදීමේ ක්‍රමවේදයක් එම දෙපාර්තමේන්තුව හඳුන්වා දීමට ද පියව අරන්. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීමේ දී දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීමට අන්තර්ජාලය හරහා විශ්‍රාමිකයින්ට අවස්ථාව ලබා දී ඇත.

    Latest News