ශ්‍රීලංකන් හිටපු CEO හා බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

පෙබ 03, 2020

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍ර‍සේන මහතා සහ ඇගේ බිරිඳ මුදල් විශුද්ධීකරණ චෝදනා යටතේ වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නැයි, නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

    ගුවන් යානා මිලදී ගැනීමක් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර්බස් සමාගම අතර ඇතිවූ ගනුදෙනුවකදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාර දෙනු ලැබූ විමර්ශන වාර්තා සළකා බැලීමෙන් පසු නීතිපතිවරයා විසින් මෙසේ උපදෙස් ලබා දී ඇත.

    Last modified on සදුදා, 03 පෙබරවාරි 2020 15:23

    Latest News