ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 සුව වූ ගණන 1,397ක්; තවත් 516ක් රෝහල්වල

ජූනි 18, 2020

    මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 1,397ක් ලෙස වාර්තාවේ.

    එමෙන්ම මෙරට මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තාවන රෝගීන් ගණන 1924ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ සොයාගත් රෝගීන් 9 දෙනාත් සමගයි. ඉන් 5 ක් චෙන්නායි සිට පැමිණි අය වන අතර 2 දෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණි අය වේ. තවත් දෙදෙනෙක් නාවික හමුදාව ආශ්‍රිතව සොයා ගෙන ඇත. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 516ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 29 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.

    Latest News