පුංචි මල් කැකුළකට දිවි අහිමි කළ වෙඩිල්ල

පෙබ 28, 2025
    හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්රදේශයේදී ඊයේ (27) වෙඩිවැදීමක් සිදුව තිබෙනවා.

    පොලීසිය පැවසුවේ කාන්තාවකට සහ දැරියකට වෙඩි වැදී ඇති අතර තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී දැරිය මියගොස් ඇති බවයි.

    මියගිය දැරිය වයස අවුරුදු 09 ක් වූ මඟුලාගම, හෙට්ටිපොල ප්රදේශයේ පදිංචිකාරියක්.
     
    මියගිය දැරිය සිය මිත්තණිය සමඟ නිවසේ රැඳී සිටියදී, අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්ද ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි වැදී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
     
    මිය ගිය දැරියගේ මෘත ශරීරය කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
     
    ඒ අනුව සැකකරු හෙට්ටිපොළ, මඟුලාගම ප්රදේශයේදී ඊයේ (27) රාත්රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
     
    සැකකරු සන්තකයේ තිබූ බෝර 12 පතොරම් ගිනි අවිය, එම තුවක්කුවට අදාල 2025 වර්ෂයේ බලපත්රය හා හිස් පතොරම් කොපු 02ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
    සැකකරු වයස අවුරුදු 48ක් වන මඟුලාගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
     
    හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

    Latest News