කටුනායක ගුවන්තොටුපළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, අද දහවල් 12.00 සිට සීමාවන්ට යටත්ව නැවත විවෘත කළ බවය.
ඒ අනුව එක් ගුවන් මගියෙකුට අමුත්තන් 3 දෙනෙකු ගුවන්තොටුපොළේ අමුත්තන්ගේ පර්යන්තයට රැගෙන ඒමට හැකියාව ලැබෙනු ඇති.
කොරෝනා වසංගතය හේතුවෙන් මාස 3 කට ආසන්න කාලයක් ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තය මහජනතාවට පැමිණීමට තහනම් කර තිබුණි.