විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීම ගැන දැනුවත් කෙරේ (වීඩියෝ)

ජූනි 13, 2020
  • විශ්ව විද්‍යාල පද්ධතිය අදියර කිහිපයක් ඔස්සේ ආරම්භ කෙරෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(13) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    එහිදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසන ලද්දේ සෑම විශ්වවිද්‍යාලයකම සිවවන හෙවත් අවසන් වසරේ සිසුන්ගේ විභාග කටයුතු ලබන 22වනදා සිට ආරම්භ කරන බව පවසයි.

    එම විභාග කටයුතු අගෝස්තු මස 15 වනදා අවසන් කළ යුතු බවට විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට දැනුම් දී ඇත.

    එසේම මෙම විභාග සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියාත්මක වන බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළේය.

    Last modified on සෙනසුරාදා, 13 ජූනි 2020 12:39

    Latest News