කරාපිටිය රෝහලේ සහන සත්කාර ඒකකය විවෘත කෙරේ

ජූනි 13, 2020

    කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශයේ මූලිකත්වයෙන් එම පරිශ්‍රයේ ඉදිකරන ලද සහන සත්කාරක ඒකකය අද විවෘත කෙරිණ.

    ඊට වැයකර ඇති මුදල හය කෝටියක්. ජනාධිපති අරමුදලේ පරිත්‍යාග සහ ජනතාව ලබා දුන් ආධාර මත නව ඒකකය ඉදිකර තිබේ. එය විවෘත කෙරුණේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

    ඉදිකිරීම් සඳහා සම්පූර්ණ ශ්‍රම දායකත්වය සැපයූවේ නාවික හමුදාවයි. සහන සත්කාරක ඒකකය තුළ එකවර රෝගීන් තිස් දෙනෙකුට නේවාසික ප්‍රතිකාර දීමේ පහසුකම් පවතියි. පිළිකා හෝ වෙනත් සුව කළ නොහැකි රෝගවලින් පෙළෙන පිරිස් වෙත ඉහළ රැකවරණයක් සැලසීම සහන සත්කාරක ඒකකය ස්ථාපනය කිරීමේ මූලික අරමුණයි.

    Last modified on සෙනසුරාදා, 13 ජූනි 2020 12:00

    Latest News