දැඳුරු ඔයෙන් කෙටි කලකදී ප්‍රතිඵල රැසක්..ඇමති චමල්

ජූනි 13, 2020

    දැඳුරු ඔය ව්‍යාපෘතිය කෙටි කලක දී අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගනිමින් ජනතාවට ප්‍රතිලාභ රැසක් අත්කර දෙන ව්‍යාපෘතියක් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් ක‍ළේ දැදුරු ඔය ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක්වෙමින්. දැදරු ඔයේ ජලාශය 2007 වසරේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සමයේ දී ඉදිකෙරිණ. ඊට වැය කළ මුදල රුපියල් මිලියන 13,500ක්. වයඹ පළාතේ ඇති විශාලතම සහ සාර්ථකම ව්‍යාපෘතිය ද මෙයයි. මෙහි ජල ධාරිතාව අක්කර අඩි 60,757ක්. අක්කර 37,000කට වැඩි ප්‍රමාණයක් ඉන් පෝෂණය වෙයි.

    සෙත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව 5,000කට අධිකයි. කුඹුරු අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් ඉන් පෝෂණය වෙයි. සෙත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව 5,000කට අධිකයි. කුඹුරු අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් දෙකන්නයේ වගා කිරීමට දැදුරු ඔය ජලාශයෙන් ජලය සැපයෙයි. ව්‍යාපෘතිය ආරම්භයේ දී ද විරෝධතා එල්ල වුවද, වසර 10ක් වැඩි කෙටි කාලයකදී ජලාශයට වැය කළ මුදල ද උපයා ගනිමින් ජනතාවට ප්‍රතිලාභ රැසක් අත්කර දීමට හැකිවූ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

    මේ අතර යාන්ඔය නිරීක්ෂණ චාරිකාවකට ද අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පසුගියදා සහභාගී විය. ප්‍රදේශවාසීන්ගේ ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමු කළේය. ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූ පිරිස් සඳහා වන්දි ගෙවීමේ දී සිදුවූ අක්‍රමිකතා සිදුව ඇත්නම්, ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස අමාත්‍යවරයා හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් දුන්නේ.

    Last modified on සෙනසුරාදා, 13 ජූනි 2020 11:34

    Latest News