නාවික හමුදාවේ තවත් 22කට සුවයි

ජූනි 13, 2020

    නාවික හමුදා සාමාජිකයින් 22 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා අද (13) රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ. මොවුන් කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අයයි.

    වරින් වර සිදු කල පී.සී.ආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුළ නොමැති බව තහවුරුවීම නිසා මොවුන් පිටත්කර යැවීම සිදුකෙරිණ.

    වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් 679ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

    රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 13 ජූනි 2020 11:16

    Latest News