මහ මැතිවරණයේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ජූනි 09, 2020

    2020 මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය මීට සුළු වේලාවකට පෙර නිකුත් කෙරිණ.

    එක් එක් දිස්ත්‍රික්කවල අපේක්ෂකයන්ගේ මනාප අංක දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත අද උදේ යොමු කෙරුණු බවයි, මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.  අපේක්ෂකයන්ට මනාව අංක දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ගෙන් ලබා ගත හැකියි.  මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ නිවේදනය ඉදිරි දින 3 ඇතුළත නිකුත් කරන බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ. 

    ඉදිරි මහ මැතිවරණයට අදාළ ගැසට් නිවේදන 5ක් නිකුත් කිරීමට නියමිත අතර ඉන් තුනක් මේ වන විට නිකුත් කර තිබේ.  මාධ්‍ය උපමාන හා දේශපාලන පක්ෂවලට අදාළ ආචාරධර්ම නිකුත් කළ ගැසට් නිවේදනවල ඇතුළත්.

    Last modified on අඟහරුවාදා, 09 ජූනි 2020 12:59

    Latest News