මීගමුව බන්ධනාගාරයේ හදිසි සෝදිසියක දී ඡංගම දුරකථන 61ක්

ජූනි 09, 2020

    මීගමුව බන්ධනාගාරයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමක දී ජංගම දුරකථන 61ක් ඇතුළු තහනම් උපාංග රැසක් සොයා ගෙන තිබේ.

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේ, ඊයේ රාත්‍රී මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. ජංගම දුරකථන සමග ඒවාට යොදන බැටරි 71ක් චාජර් 30ක් සහ හෙරොයින් ග්‍රෑම් 16ක් ද හමුවී තිබේ.

    බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක දූෂණ ක්‍රියා සහ ජාවාරම් මැඩලීම වෙනුවෙන් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි, කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

    Last modified on අඟහරුවාදා, 09 ජූනි 2020 13:05

    Latest News