ඇලෙයිනා මහත්මියගෙන් පුද්ගල ආරක්ෂණ උපකරණ තොගයක්

ජූනි 09, 2020

    ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලෙයිනා බී ටෙප්ලිස් මහත්මිය කොවිඩ් 19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව සිදු කරන සටනට දායකවීමට පුද්ගල ආරක්ෂණ උපකරණ ඇතුළු ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කර තිබේ.

    එම උපකරණ තොගය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා වෙත ඊයේ බාර දෙනු ලැබීය. මේ පරිත්‍යාගය සඳහා අරමුදල් සපයා ඇත්තේ, එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවයි. මුහුණු හා ආරක්ෂිත ඇස් ආවරණ හා හිස් වැසුම් සහිත ආරක්ෂිත ඇඳුම් 48,000කට අධික ප්‍රමාණයක් මීට ඇතුළත්.

    Last modified on අඟහරුවාදා, 09 ජූනි 2020 12:03

    Latest News