යක්කල පොලීසිය ඉදිරිපිට අනතුරකින් අයෙක් මරුට

ජූනි 08, 2020

    කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල පොලීසිය ඉදිරිපිට ඊයේ රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

    අප වාර්තාකරු සඳහන් කළේ, සිද්ධියෙන් කැබ් රථයක රියදුරෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ත්‍රිකුණාමලයේ සිට සත්ව ආහාර රැගත් කන්ටේනර් රථයක් කොළඹ බලා ධාවනය කර තිබේ. අප වාර්තාකරු පවසන්නේ, ඊයේ රාත්‍රී 11.30ට පමණ යක්කල පොලීසිය ආසන්නයේ දී කන්ටේනර් රථය සහ මාර්ගයේ ගමන් කරමින් තිබූ කැබ් රථයක් එකිනෙක ගැටී ඇති බවයි.

    එහිදී කැබ් රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්විය. එම අනතුරෙන් පසු කන්ටේනර් රථය පාලනය කර ගත නොහැකි වීමෙන් එය යක්කල පොලීසියට කඩා වැදී ඇති බවයි, වාර්තාවන්නේ. එහිදී යක්කල පොලීසිය ඉදිරිපිට නතර කර තිබූ එම පොලීසියට අයත් යතුරුපැදියකට, කැබ් රථයකට හා තවත් වාහනයකට අලාබහානි සිදුව තිබේ. සිද්ධියෙන් පොලීසියේ කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැත. මියගිය කැබ් රථයේ රියදුරු 35 හැවිරිදි පස්යාල,එල්ලක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    Last modified on සදුදා, 08 ජූනි 2020 12:26

    Latest News