බුද්ධ ප්‍රතිමා විනාශය ගැන ඇමති නියමයෙන් විමර්ශනයක්

දෙසැ 28, 2018

    මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන 4ක ස්ථාපනය කර තිබූ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම පිළිබඳව වහාම විමර්ශනයක් පැවැත්වීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පියවර ගනී.

    නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ, ඒ සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇති බවයි.

    කඩාකප්පල්කාරී පිරිසක් විසින් මාවනැල්ල, රන්දිවෙල මංසන්ධිය, මිරිස්කුඩු මංසන්ධිය, හිඟුල මංසන්ධිය සහ පහළ කඩුගන්නාව ඉඳුල මංසන්ධිය යන ස්ථානවල ඉදිකර තිබූ බුදු පිළිම විනාශ කර තිබේ. විමර්ශන සඳහා කෑගල්ල පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ එච්.බී.ඒ.කේ.නිල්මල්ගොඩ මහතාගේ අධීක්‍ෂණය යටතේ තවත් නිලධාරීහු කිහිප දෙනෙක් යොදවනු ලැබ සිටිති.

    මෙම බුද්ධ ප්‍රතිමාවල පුරාවිද්‍යාත්මක වටිනාකමක් නොමැති බව, මුලික පරීක්‍ෂණවලින් තහවුරු වී තිබේ. එහෙත්, ජනතාවගේ බුහුමනට පාත්‍ර වූ එම පූජනීය බුද්ධ ප්‍රතිමා වහාම ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැදගත්කම සහ අවශ්‍යතාව කිසිසේත් බැහැර කළ නොහැකි බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. ප්‍රතිමා ප්‍රතිෂ්ඨාපනයට වැය වන මුදල් මේ වනවිටත් ඇස්තමේන්තු කර ඇති අතර, එම කටයුතු ඉදිරි සතිය ඇතුළත අවසන් කිරීමට නියමිතයි.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News