සෝපානය කඩා වැටී පුද්ගලයෙක් මරුට

දෙසැ 29, 2018

    කොම්පඤ්ඤවීදිය පෞද්ගලික ආයතනයක රාත්‍රී සමාජ ශාලාව වෙත යටි බිම් මහලේ සිට 9 වන මහල දක්වා ගමන් ගත් විදුලි සෝපානයක් බිම් මහලේ දී අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

    තවත් දෙදෙනකු අනතුරට ලක්ව රෝහල්ගත කර ඇත. මිය ගොස් ඇත්තේ, 24 හැවිරිදි බත්තරමුල්ල පදිංචි කෝකිල සමන්ද පෙරුම යන අයයි. කොම්පඤ්ඤවීදිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News