විදෙස් ගමන් බලපත්‍රයේ වෙනසක්

දෙසැ 28, 2018

    මැද පෙරදිගට පමණක් වලංගු විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන 31 වැනිදායින් අවසන් වෙයි.

    ජනවාරි පළමු දින සිට නිකුත් කෙරෙන්නේ සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර පමණක් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියා සිටී.
    ඒ පිළිබඳව අදහස් දැක්වූ ආගමන-විගමන පාලක නිහාල් රණසිංහ මහතා..

    “2019 ජනවාරි 01 වැනිදා සිට සියලුම රටවල් සඳහා වලංගු බලපත්‍ර පමණයි නිකුත් කරන්නේ. මැද පෙරදිග සඳහා වූ නිශ්චිත රටවල් සඳහා වූ ගමන් බලපත්‍ර නිකුත් කිරීම 2018 දෙසැම්බර් 31 වැනිදායි අවසන් වෙනවා. එහෙම වුණාට ඒ දක්වා මැද පෙරදිග රටවල් සඳහා ගත්ත ගමන් බලපත්‍ර වලංගුව පවතින තාක් කල් ඒවා භාවිත කරන්න බාධාවක් නැහැ.

    මැද පෙරදිග ගමන් බලපත්‍රයක වලංගු කාලසීමාව අවසන්වීම හෝ ගමන් බලපත්‍රයේ වීසා අවසන්වීම නිසා නව ගමන් බලපත්‍රයක් ලබාගන්නේ නම් එම අවස්ථාවේදී ලබාදෙන්නේ සියලුම රටවල් සඳහා වූ විදෙස් ගමන් බලපත්‍රයයි. විදෙස් ගමන් බලපත්‍ර සඳහා අය කරනු ලබන ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවේ. වැඩි විස්තර අවශ්‍ය නම් ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත හැකි“ බව ආගමන-විගමන පාලක වරයා පැවසීය

    Latest News