උතුම් පොසොන් පොහොය දිනය අදයි (වීඩියෝ)

ජූනි 05, 2020
  • අනුබුදු මිහිදු හිමියන් වහන්සේ ලක්දිවට වැඩම වීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිද්ධින් රැසක් සිදුවූ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අද(05) යෙදි තිබේ.

    මිහිදු හිමියන්ගේ ශ්‍රී ලංකා ගමනයෙන් පසු දෙවන පෑතිස් රජු ඇතුළු 40000 ක් පමණ පිරිසකට චුල්ලහත්තිපදෝපම සූත්‍රය දේශනා කිරීම සිදුවූයේ ද අද වැනි පොසොන් පොහෝ දිනකය.

    මෙවර පොසොන් උත්සවය, ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථ පූජා භූමියේදී පැවැත්වේ. ජාතික රූපවාහිනිය සංවිධාන කරන සද්ධර්ම වර්ෂා පොහෝ දින වැඩසටහන ද මෙවර පැවැත්වෙන්නේ මිහින්තලා පූජා භූමියේ සිටයි. සියලු වැඩසටහන්‌ ක ජාතික රූපවාහිනිය ඔස්‌සේ සංජීව ලෙස විකාශය කෙරේ.

    Last modified on සිකුරාදා, 05 ජූනි 2020 19:57

    Latest News