ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 සුව වූ ගණන 839ක්; තවත් 947ක් රෝහල්වල

ජූනි 05, 2020

    මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 839ක් ලෙස වාර්තාවේ.

    එමෙන්ම මෙරට මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තාවන රෝගීන් ගණන 1797ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ සොයාගත් රෝගීන් 48 දෙනාත් සමගයි ඉන් 42ක් නාවික හමුදාව ආශ්‍රිතව සොයා ගෙන ඇති අතර 6ක් විදේශයන්හි සිට මෙරටට පැමිණි අයවේ. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 947ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 56 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.

    Latest News