පවුල් ආරවුලක් නිසා එරාවුර් හි කතක් මරුට

ජූනි 04, 2020

    එරාවුර් පොලිස් වසමේ මිරාකේනි පාර, අයියන්කේනි ප්‍රදේශයේ දී කාන්තාවක් ගෙල සිර කර ඝාතනය කර ඇතැයි එරාවුර් පොලීසියට ලද දැනුම් දීමක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

    මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක් වු ඉහත ලිපිනයේ පදිංචිකාරියකි. මිය ගිය තරුණිය ස්වාමිපුරුෂයා සමඟ පදිංචිව ඇති අතර, දෙදෙනා අතර ආරවුල් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ. අවුරුදු 27 ක් වු ස්වාමිපුරුෂයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එරාවුර් රෝහලේ තැන්පත් කර තිබේ. එරාවුර් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News