හලාවත අනතුරකින්‌, පස්‌ දෙනෙකු තුවාල

ජූනි 04, 2020

    හලාවත නගරයේ සිදු වූ අනතුරකින්‌, පස්‌ දෙනෙකු තුවාල ලබා තිබේ.

    බස්‌ රථයක්‌ සහ වෑන්‌ රථයක්‌ එකිනෙක ගැටීමෙන්‌, අද උදේ මෙම අනතුර සිදුව ඇත.

    හලාවත, විලත්තව ප්‍රදේශයේ ඇඟලුම්‌ කර්මාන්ත ශාලාවකට, සේවිකාවන්‌ ප්‍රවාහනය කරන බස්‌ රථයක්‌ හා වෑන්‌ රථයක්‌ මෙලෙස අනතුරට ලක්වුණා. වෑන්‌ රථය පැමිණ ඇත්තේ නවගත්තේගම ප්‍රදේශයේ සිටයි. මහවැව තෝඩුවාව ප්‍රදේශයේ සිට බස්‌ රථය පැමිණ තිබෙනවා. හලාවත වටරවුමේ දී, වාහන දෙකම එකවර කුරුණෑගල මාර්ගයට අවතීර්ණ වීමේ දී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන්‌, රියදුරන්‌ දෙදෙනා සහ වාහන අත්‌අඩංගුවට ගෙන තිබේ. සිද්ධියෙන්‌ තුවාල ලැබූවන්‌, හලාවත රෝහලට ඇතුළත්‌ කෙරිණ.

    Latest News