නිරෝධායන නීති උල්ලංඝනය කළ 912ක් අත්අඩංගුවට

මැයි 30, 2020

    නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 912 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

    කොවිඩ්19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා පනවන ලද පොලිස් ඇඳරිනීතිය පසුගිය 26 වන දා ලිහිල් කළේය. ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් පස නිරෝධායන නීති උල්ලංඝනය කළ එනම් මුඛ ආවරණ නොපැළදිම , පුද්ගල දුරස්ථභාවය තබා නොගැනීම ආදි හේතුමත ආදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

    ඊයේ (29) අලුයම 4.00 සිට රාත්‍රි 10 දක්වා කාලය තුළ පමණක් පුද්ගලයන් 132 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. ඒ අනුව මැයි 26 දින සිට මේ දක්වා ඒ සම්බන්ධව අත්අඩංගුවට ගත් මුලු සංඛ්‍යාව 912කි.

    Latest News