කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

මැයි 30, 2020

    කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද (30) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

    අද පෙරවරු 09 සිට හෙට අලූයම 03 දක්වා කොළඹ 02, කොළඹ 03, කොළඹ 07, කොළඹ 08, කොළඹ 09 සහ කොළඹ 10 යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

    එම කාලසීමාවේදී කොළඹ 01 ප‍්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද සඳහන්. අඹතලේ ජල පවිත‍්‍රාගාරයේ සිට මාලිගාකන්ද දක්වා ජලය සැපයෙන ප‍්‍රධාන නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාළ ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

    Latest News