කොවිඩ්19 වැළඳී තවමත් රෝහල් ගතව 794ක්; සුව වූ ගණන 754ක්

මැයි 30, 2020

    මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 754ක් ලෙස වාර්තාවේ.

    එමෙන්ම මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තා රෝගීන් ගණන 1558ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ(29) වාර්තා වූ රෝගීන් 28 දෙනාත් සමගයි. ඉන් නාවික සෙබලුන් 17 ක්, කටාර් සිට පැමිණි 8ක්, කුවේට් සිට පැමිණි 2ක් හා රුසියාවේ සිට පැමිණි 1ක් ලෙස වාර්තාවේ.

    ඒ අනුව මේ වන විට ආසාදිතයින් 775ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 75 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 10කි.

    Latest News