ලොව පුරා කොරෝනා මරණ 3,57,000 ඉක්මවයි

මැයි 28, 2020

    කොවිඩ් 19 නොහොත් කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව තුන් ලක්ෂ 57,000 ඉක්මවා තිබේ.

    වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 57 ලක්ෂ 90,000කට අධිකයි. කොරෝනා වෛරසය හේතුවෙන් ලොව තවමත් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ, ලෝක බලවතා වන අමෙරිකාවයි. ඉකුත් පැය 24 තුළ එරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1,535ක්. එම කාල සීමාව තුළ අලුතින් හඳුනා ගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 20,546ක් ලෙසයි වාර්තා වන්නේ.

    මේ වන විට ලොව පුරා වාර්තා වන සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන්ගෙන් 30% පමණ ප්‍රමාණයක් අමෙරිකාවෙන් වාර්තා වන බව විදෙස් වාර්තාවල සඳහන්. අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ, ඉකුත් ජනවාරි 21 වැනිදා කොරෝනා වෛරස ආසාදිතයෙකු හඳුනා ගැනුණේ, එරට පළමු වෛරස ආසාදිතයා වාර්තා කරමින්. බීබීසී පුවත් සේවයේ උතුරු අමෙරිකානු සංස්කාරක ජෝන් සෝපෙල් සඳහන් කරන්නේ, කොරියාව,වියට්නාමය,ඉරාකය හා ඇෆ්ගනිස්ථානයේ වසර 44ක් පැවති ගැටුම්වලින් මියගිය අමෙරිකානු නිලධාරීන් සහ කාන්තාවන්ට සමාන මරණ සංඛ්‍යාවක් කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට අමෙරිකාවේ සිදුව ඇති බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මැයි 2020 11:35

    Latest News