නිල්වලා ගගේ ජල මට්ටම පහළට

මැයි 28, 2020

    නිල්වලා ගගේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    නිල්වලා ගගේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පානදුගම ජල මිනුම් ස්ථානයේ සුළු ගං වතුර මට්ටමක් සටහන්ව තිබූ බවයි ඊයේ රාත්‍රි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. අද උදෑසන 6.00ට නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ පානදුගම ප්‍රදේශයේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බවයි.

    මේ අතර කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයේන ඉහළ යමින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි. එම නිසා එම ප්‍රදේශවල ජනතාව විමසිලිමත්ව පසුවිය යුතු බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

    Latest News