ඇඳිරි නීතිය කැඩූ 66,519ක් අත්අඩංගුවට

මැයි 28, 2020

    මාර්තු මස 20 වන දින සිට අද (28) අළුයම 4.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 66,519ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම කාලය තුළ අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 18,733 ක්. ඊයේ (27) රාත්‍රී 10.00 සිට අද අළුයම 4.00 දක්වා වු ගත වු පැය 6ක කාලය තුළ පුද්ගලයින් 178ක් හා වාහන 38ක් අත්අඩංගුවට පත්ව තිබේ.

    මාර්තු මස 18 වන දින සිට අද දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර නඩු පැවරූ සංඛ්‍යාව 21,787 ක් වෙයි.

    නඩු පැවරීම්වලට අදාළ දඬුවම් නියම කළ සංඛ්‍යාව 8671 කි.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මැයි 2020 10:15

    Latest News