නාවික හමුදාවේ තවත් 19කට සුවයි..මුළු ගණන 332

මැයි 26, 2020

    කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19ක් (25) වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කෙරිණ.

    ඒ ඔවුන්ගේ වෛරසය ශරීර තුළ තවදුරටත් වෛරසය නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි.

    මෙම පිරිසෙන් 09 දෙනෙක් නාවික මහ රෝහලින්ද, 07 දෙනෙකු මුල්ලේරියාව රෝහලින්ද, දෙදෙනෙක් අයිඩීඑච් රෝහලින්ද, තවත් නාවික හමුදා පුද්ගලයෙක් හෝමාගම රෝහලින්ද ප්‍රතිකාර ලබා ගත් අයයි.

    ඒ අනුව එම රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල පීසීආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුළ නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස ඊයේ දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබේ.

    මෙම පිරිස ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 332ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

    රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

    Latest News