විදේශයන්හි සිට පැමිණි 157කට කොරෝනා.. ඒ අතර කුවේට්හි 90ක්

මැයි 26, 2020

    කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 90 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව විදෙස් සිට මෙරටට පැමිණි 157 ක් ආසාදිතයින් ලෙස හමුවී තිබේ.

    සමාජයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වුයේ 405 ක් පමණයි.

    නාවික සෙබලුන් 619 කට කොරෝනා ආසාදනය විය. එම නාවික සෙබලුන් සියලු දෙනා ඉතා ආරක්ෂිත ලෙස නිරෝධායනට යොමු කිරීමෙන් සමාජයට ආසාදනය වීම වැළැක් ගැනීමට හැකිවිය.

    කුවේට් රාජ්‍යයෙන් පැමිණි 90 කට හා ඩුබායි සිට පැමිණි 18 දෙනෙක් හා ඉන්දුනිසියාවේ සිට පැමිණි පුද්ගලයින් කීප දෙනෙක්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැ ද යුද හමුදාපතිවරයා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 26 මැයි 2020 09:55

    Latest News