ඇඳිරි නීතිය කැඩූ 65,000ක් අත්අඩංගුවට

මැයි 26, 2020

    මාර්තු මස 20 වැනිදා සිට අද (26) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 65 930 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම කාලය තුළ අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 18 614 ක්.

    ඊයේ (25) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා වු ගත වු පැය 24ක කාලය තුළ පුද්ගලයින් 1543 ක් හා වාහන 445 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මාර්තු මස 18 වන දින සිට අද දක්වා වූ කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගනය කර නඩු පැවරූ සංඛ්‍යාව 20 926 ක්.

    නඩු පැවරීම්වලට අදාළ දඬුවම් නියම කළ සංඛ්‍යාව 8170ක්.

    Latest News