මෙරට කොවිඩ්-19 ආසාදිත 435 යි; සුව වූ ගණන 674යි (වීඩියෝ)

මැයි 24, 2020
  • කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ තවත් 14 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    මේ අතර, මෙරට කළ වැඩිම PCR පරීක්‍ෂණ සංඛ්‍යාව ඊයේ වාර්තා විය. එම සංඛ්‍යාව 1998ක්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 435 දෙනෙකු පමණක් අද වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබයි. රෝගය වැළඳුණු තවත් 29 දෙනෙකු අද හඳුනා ගැණින. ඔවුන්ගෙන් 28 දෙනෙකු කුවේට්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉන් 05 දෙනෙකු ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි අයයි. අනෙක් 23 දෙනා මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිසක්.

    කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව අද වනවිට 674 දක්වා ඉහළ ගොස් තිබේ. එම ප්‍රතිශතය 60%ක්. රෝගය වැළඳී සුවය ලැබූ ප්‍රතිශතය ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිශතයට වඩා තවදුරටත් ඉහළ අගයක් ගනී. ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිශතය වාර්තා වන්නේ, 38%ක් ලෙස. මරණ අගය 0.80%ක්.

    මේ අතර, කොවිඩ්-19 රෝගය වැළඳුණු බවට ඊයේ හඳුනාගත් සංඛ්‍යාව 20ක්. ඔවුන්ගෙන් 18 දෙනෙකුම ආරක්‍ෂක අංශ සාමාජිකයන්. හඳුනා ගැණුනු අනෙක් රෝගීන් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයින්. ඔවුන් ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කර සිට තිබේ.

    බොරැල්ල ආයුර්වේද රෝහලේ පවත්වාගෙන යනු ලබන යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් සිය නිරෝධායන කාලසීමාව අවසන් කර අද නිවෙස් වෙත පිටව ගියේය. එම පිරිසට 110 දෙනෙකු අයත්. ඔවුන් පසුගියදා ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණ තිබේ. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යන අවස්ථාවේ දී රුපියල් අට ලක්‍ෂ විසිපන් දහසක මුදලක් කොවිඩ් අරමුදලට ස්වේච්ජාවෙන් පිරිනැමීම ද සිදු කෙරිණ.

    Last modified on ඉරිදා, 24 මැයි 2020 20:22

    Latest News