බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු දිවයිනට

මැයි 24, 2020

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 276 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL1423 දරන එම විශේෂ ගුවන් යානය බංග්ලාදේශයේ ඩකා නුවර ගුවන් තොටුපළේ සිට අද(24) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

    මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම සහ ඔවුන් රැගෙන පැමිණි බඩුබාහිරාදිය ගුවන්තොටුපළ පර්යන්ත ගොඩනැඟිලි තුළට ඇතුළු වීමට පෙර විෂබීජහරණය කිරීමට ලක් කෙරුණි.

    අනතුරුව මෙම ගුවන් මගීන් පිරිස, නිරෝධායන කටයුතු සඳහා එම මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සිදු කෙරිණි.

    Latest News