කොස් ලෑලි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

මැයි 24, 2020

    නිට්ටඹුව, ඌරාපොල හංදියේ මාර්ග බාධක රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් නීති විරෝධිව ප්‍රවාහනය කරමින් තිබු කොස් ලෑලි 179 ක් හා රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ(23) රාත්‍රී 7 ට පමණ මෙම දැව තොගය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු අද(24) දින අත්නගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

    නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News