රුවන්වැල්ලේ රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

මැයි 24, 2020

    රුවන්වැල්ල - වරාවල මාර්ගයේ මූදුගමුව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

    මෝටර් කාර් රථයක මාර්ගය හරහා ගමන් ගනිමින් සිටි පදිකයෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

    අනතුරෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

    මියගොස් ඇත්තේ 60 හැවිරිදි මුදුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

    අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News