ඇඳිරි නීතිය කැඩූ 61,093ක් අත්අඩංගුවට

මැයි 21, 2020

    මාර්තු මස 20 වන දින සිට අද (21) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර 61,093ක පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    අත්අඩංගුවට පත් මුළු වාහන සංඛ්‍යාව 17 172 කි.

    මේ අතර ඊයේ (20) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා වු කාලය තුළ පමණක් පුද්ගලයින් 668 ක් හා වාහන 248 ක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇතැයි ‍පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

    මාර්තු මස 18 වන දින සිට අද දක්වා වු කාලය තුළ 17 949 ක් මේ සම්බන්ධයෙන් නඩු පවරා තිබේ.

    එයින් නඩු පැවරීම්වලට අදාළ දඬුවම් නියම කිරීම් 6706 ක් ද සිදු කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 මැයි 2020 09:07

    Latest News